ජීවිතය පිළිබද
පියා : දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමි
මව : දොන ඇලිස් ජයසිංහ හාමිනේ
1909 /12/18 පන්ඩිත මාහිමි වහන්සේගේ උපන්දිනයයි.
උන්වහන්සේගේ සහෝදරයෝ
සමරනායක සකලසූරිය මහතා
දොස්තර ඇස්.ඒ.කුලතිලක සකලසූරිය මහතා
නීතිඥ මෛත්‍රීදාස සකලසූරිය මහතා
1919/01/16 : බලගල්ලේ සරස්වතී පරිවේනාධ්යක්ෂක සිරි සුගත ශාසනාලංකාර මුඩගමුවේ ශ්‍රී නිවාස මහා ස්වාමින් වහන්සේගේ උපධ්යායත්වයෙන් බලගල්ලේ සරස්වතී පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ධර්මකීර්ති ශ්‍රී හිස්සැල්ලේ ඤානෝදය රාමඤඤ නිකාවය් මහානායක ස්වාමින් වහන්සේ ආචා්ය්යීත්වයෙන් පැවිදි බිමට පත් වීම
1930/06/04 : උපසම්පදාව
1930/06/10 : මංගල ධර්මදේශනාව
1939 : ස්වර්ණ මුදිකාව සහිතව පණ්ඩිත උපාධිය ලැබීම
1934/07/26 : රත්නපුරේ මුද්දුවේ පිරිවෙන තිබෙන ස්ථානයෙහි තිබුණු තාවකාලික අම්බලමකට වස් විසීම සදහා පැමිණීම
1934/01/01 : මුද්දුවේ ශ්‍රී සුමන පිරිවෙන ආරම්භ කිරීම
1944/11/21 : ඇස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරණායක අගමැතිතුමා විසින් පැල්මඩුල්ල පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයට මුල් ගල් තැබීම
1953/05/15 : මුද්දුවේ ශ්‍රී සුමන පිරිවෙන ආරම්භ කිරීම
1956/04/13 : කැළණි රජමහා විහාරයේදී ඇස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරණායක නව අගමැතිතුමාගේ පිළිගැනීමේ කථාව
1957 :බෞද්ධ තොරතුරු පරික්ෂක සභාවේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම
1962 : චීන දළදා වහන්සේ වැඩමවීම සදහා චීනයට වැඩීම
1962/02/02 : ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරතුමා අභිෂේක කිරිම
1963/02/26 : පැල්මඩුල්ල පාතකඩ ,භික්ෂූ අභ්‍යාස විද්‍යාලය ආරම්භ කිරීම
1963/06/13 : විශේෂ ආරාධනාවක් ඇතිව රුසියාවට වැඩමවීම
1966/04/16 : කුමන්ත්‍රණ සැකකරුවෙකු වශයෙන් සිරබාරයට ගැනීම
1967 : මැගසින් බන්ධනාගාරයේ දී රචනා කරන ලද " ගාමිණී ගීතා " නම් පාලි මහාකාව්‍යයට සාහිත්‍ය සම්මානය ලැබීම.
1968 : මැගසින් බන්ධනාගාරයේදි රචනා කරන ලද " මහ පැරකුම්භා සිරිත " නම් සිංහල මහා කාව්‍යයට සාහිත්‍ය සම්මානය ලැබීම
1969/06/30 : අවු 03 , මාස 04,දින 14 සැකකරුවෙකු වශයෙන් මැගසින් බන්ධනාගාරයේ සිට හිරෙන් නිදහස් වීම
1974/05/22 : සාහිත්‍ය සම්මාන ලැබුණු " ඥානප්රථානය " නම් ග්‍රන්ථය ශ්‍රීමත් විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාට පිළිගැන් වීම