ගුණ සැමරුම


President lauds Ven Henpitagedara Gnanaseeha Thera's services

The Most Venerable Henpitagedara Gnanaseeha Thera rendered yeoman service to the country, President Mahinda Rajapaksa said yesterday.

The 30th death anniversary commemoration of Ven Henpitagedara Gnanaseeha Thera was held at Mudduwa Sri Sumana Pirivena in Ratnapura under the patronage of President Mahinda Rajapaksa yesterday. Here the President opens the Ven Henpitagedera Gnanaseeha museum. Ministers John Seneviratne, Pavitra Wanniarachchi and Sabaragamuwa Chief Minister Maheepala Herath were also present. Picture by Chandana Perera
The President was addressing the gathering at Sumana Maha Pirivena at Mudduwa, Ratnapura, participating in the 30th death commemoration ceremony of Most Ven Henpitagedara Gnanaseeha Thera.
President Rajapaksa said that the thera had rendered an invaluable and unique service to society.
"Most Venerable Henpitagedara Gnanaseeha Thera was the advisor, when the Sri Lanka Freedom Party was formed by S.W.R.D. Bandaranaike, D.A Rajapaksa and several others. When S W R D Bandaranaike was assassinated, Sirimavo Bandaranaike was advised by Most Venerable Henpitagedara Gnanaseeha Thera to bring the party forward obtaining the party leadership.
"As a result of Most Venerable Henpitagedara Gnanaseeha thera, Sirimavo Bandaranaike became the world's first woman Pime Minister," the President said. President Rajapaksa noted that Most Venerable Henpitagedara Gnanaseeha thera served the people, especially the poor. The President added that the thera has written many books in various languages. "Many educational institutes have been formed by the thera such as Sumana Balika Vidyalaya and Sri Sumana Maha Pirivena among them."
"It is regrettable that some narrow sighted rulers took the thera into custody and imprisoned him for three years. They kept the thera in prison physically but they failed to keep the thera's mentality, moral and other abilities in prison. The thera wrote 14 books while in prison for three years," President Rajapaksa said.
 


සංඝනායකව වැඩ සිටි රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් ගේ 29 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.


මෙරට සමාජ පෙරළියක නියමුවාණන් වහන්සේ නමක් ලෙස නම් දරා සිටි හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ නායක හිමිපාණන් අපවත්වී වදාළහ. ඒ 1981 අගෝස්තු 1 වැනි දින ය. මෙ දින මා හට සිහියට නඟා ගැනීමට නම් ඉතා ම අපසු ය. ඒ මන්ද 1981 වනවිට මා වයස 11 තරම් කුඩා දරුවෙක් නිසා ය. මෙවන් තේජවන්ත බවින් හෙබි මහා පඩිරුවනක් ගැන මා අසා දැන ගත්තේ මා සසුන්ගත කළ ගරු කටයුතු වේරහැර විමල ධම්ම ලොකු හාමුදුරුවන්ගෙනි.
අප ගමේ එනම් වේරහැර යෝගාශ්‍රමයේ විහාරාධිපති ධූරය දැරූ අතිගරු වේරහැර විමලධම්ම ලොකු හාමුදුරුවෝ බොහෝ අවස්ථාවල ඉතා ම භක්තිමත් ව කතා බහ කරන නායක මාහිමිපාණන් වහන්සේ ද පාතකඩ භික්ෂු පුහුණු ආයතනාධිපති ධූරය දැරූ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් ය.
පන්සලේ දී කුඩා කල මා තොරතුරු අසා දැනගත්ත ද කිසිදා මා පියවි ඇසින් ඤාණසීහ නාහිමි දැක තිබුණේ නැත. මාගේ දෛවයේ භාග්‍යයක් ලෙසට සිතා ගත හැකි කරුණක් වන්නේ පිරිවෙන් ගුරු මාරුවකින් මා මුද්දුව ශ්‍රී සුමන පිරිවෙනට පැමිණි පසුව ය. හේන්පිට ගෙදර නායක මාහිමි පාණන්ගේ සෙවණ ලද ඒ මහා විහාරයේ නවාතැන් ගත් දා පටන් ඒ ප්‍රතාපවත් පඩිරුවන, පොත් කිහිපයක් අතින් දරා එඩිතර ව තේජවන්ත ව මුද්දුව පිරිවෙනේ විහාර මන්දිරය ඉදිරිපිට වැඩ සිටින ප්‍රතිමාව දකින හැම වාරයකදී ම මා හට සිහිගැන්වෙන්නේ රටක් හෙල්ලූ මහා යුග පුරුෂයෙක් නොවේද යන්නයි.
1956 දී මෙරට සමාජ තලයේ පැවැති වැඩ වසම් රාමුව ඉරා දමමින් පංච මහා බලවේගය ගොඩනැංවීමෙහි මහා යෝධයෙක් ලෙස නැඟී සිටි පැවිදි සංඝ පීතෘවරයෙක් ලෙස මා කියවූ නාහිමියන්ගේ චරිතය පෙනී ගියේ ය. අපේ අතිගරු හේන්පිටගෙදර නායක හාමුදුරුවෝ කුඩා කල පටන් ඉගෙනීමෙහි අති දක්ෂයකු විය.
අධ්‍යාපනය ලබන අවධියේදීම අන්වර්ථ නම් යොදමින් එකල පළකරන ලද පුවත්පත් සඟරා ආදියට විවාදාත්මක ලිපි සපයා උගතුන් අතර බුද්ධිමය සංවාදයක් ගොඩනංවා තිබුණි. 1939 වර්ෂයේදී ස්වර්ණ මුද්‍රිකාව සහිතව පණ්ඩිත උපාධිය සමත් විය. ස්වර්ණ මුද්‍රිකාව සමඟ පණ්ඩිත උපාධිය සමත්වීම මා සිතන්නේ විශාල ජයග්‍රහණයක් ලෙස ය. එකල තිබූ මතය අනුව එය අති විශිෂ්ට වූ උපාධිය ලැබීමකි.
1934 දී අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රත්නපුර මුද්දුව නම් ගම් ප්‍රදේශයට වැඩම කර එහි ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානය ආරම්භ කරන ලදී. මෙම ස්ථානය නිත්‍ය වාසස්ථානය බවට පත් කරමින් මුළු මහත් රටට ලෝකයට අති උදාර වූ ශාසනික සමාජීය ජාතික මෙහෙවර සිදු කිරීමට යොමුවිය. රත්නපුරට වැඩමවන කාලය වන විට මේ ප්‍රදේශවල ජනතාව වැඩවසම් සමාජ ක්‍රමයේ අතකොළු බවට පත් ව සිටියහ. ඒ ජනයාට පණ්ඩිත හිමියෝ ඉමහත් ශක්තියක් විය. කුල වාදයෙන් බැට කෑ ජනයාට බුදුදහමේ කුල වාදය නොමැති බව පෙන්වා දෙමින් අසරණ ජනතාවට පිළිසරණක් වෙමින් යෝධයකු ලෙස ක්‍රියාකර ඇත.
විවිධ තාඩන පීඩනවලට නොබිය ව මුහුණ දෙමින් ඒවා අබමල් රේණුවක් තරම්වත් ගණන් නොගෙන තම වටිනා ජීවිතය අන්ත අසරණ දුගී ජනයාට පිහිට පිණිස පිළිපන් උදාර චින්තනයෙන් යුක්ත විය. මා අසා තිබූ ආකාරයට 1950 ගණන්වලදී රටේ පරගැති බවත්, බුද්ධාගමට මුල් තැන ලබාදීමට මැලිවීමත් එකල පැවැති රජයන් නිසි ක්‍රියාකාරිත්වයක් නොදැක්වීම නිසාත් මුළු රට පුරා ම විහාරස්ථානවල බුද්ධ ශාසන සමිති පිහිටුවමින් පැවිදි - ගිහි පිරිස් දැනුවත් කරමින් අපේ රටේ ජාතික අනන්‍යතාවයත් සිංහලකමත් බෞද්ධ කමත් ආරක්ෂා කර ගැනීමට ජනතාව පෙළගස්සමින් අභීත ව ක්‍රියා කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයේ මැද මාවත ගමන් කරමින් ජනතාව නිසි මඟට යොමු කිරීමට අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ නායක හිමිපාණන් ක්‍රියා කොට ඇත. මේ කි‍්‍රයාදාමයේ ප්‍රතිඵලය වන්නේ 1956 දී නව ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවීමයි. ඒ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජයයි. මේ රජය යටතේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයක් ආරම්භ කිරීමට ලැබීම අපගේ නාහිමියන්ගේ් බලාපොරොත්තු මල්ඵල ගැන්වීමක් ලෙස දැකිය හැකි ය.
සිංහල භාෂාව ජාතික භාෂාව බවට පත් කිරීමට මේ යුගය තුළ හැකි විය. ඉන්පසුව බිහිවූ සමඟි පෙරමුණ ආණ්ඩුවේ ද ප්‍රධාන කාර්යභාරයක් සිදුකිරීමට හේන්පිටගෙදර නාහිමිපාණන්ට හැකි විය. 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙන එන්නේ් ද අපේ නාහිමියන් එදා ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට රැගෙන යාම නිසාය.
බෞද්ධ භික්ෂූන්ට නිසි පුහුණුව ලබාදිය යුතු ආයතනයක් නොමැතිකම ගැන සිතා ක්‍රියා කළ නායක මාහිමිපාණන් වහන්සේ ඒ සඳහා පාතකඩ ප්‍රදේශයේ මනරම් කඳු ගැටයක් මත දර්ශනීය වූ විහාරස්ථානයක් ගොඩනංවා එය සර්වෝදය සමඟ බද්ධ ව සර්වෝදය භික්ෂු පුහුණු ආයතනය නමින් ආරම්භ කරන ලදී. 1963 දී ආරම්භ කළ මේ ආයතනයෙන් තෛ‍්‍රනිකායක භික්ෂූන් වහන්සේලාට නිසි අධ්‍යාපනයත් පුහුණුවත් ලබා දී රටපුරා ජාතික වැඩ කිරීමට යොමු කරවන ලදී.
අප නායක හිමිපාණන් එවකට පැවැති රජයන්හි උපකාරයෙන් තරුණ භික්ෂූන් වහන්සේලාට උපාධි සමත් අයට ගුරු පත්වීම් පාසල්වලට ලබා දී තිබුණි. මේ බව සිහිකරන අය අද අඩු බවද සඳහන් කරමි. අද ද සමහර නායක හිමිවරු තම නිකායික භික්ෂූන්ට පමණක් රටේ ආයතනවල ඉහළ තනතුරු ලබා දීමට ක්‍රියා කළද හේන්පිටගෙදර නාහිමි පාණන් වහන්සේ එසේ ක්‍රියා කර නැති බව ඉතාම සතුටින් සඳහන් කරමි. කුහක ගති ආර්මාර්ථකාමී බවෙන් තොරව මුළු මහත් සමාජයට ම විපුල සේවයක් නාහිමිපාණන්ගෙන් සිදුවිය.
රත්නපුර ප්‍රදේශයේ පාසල් ආරම්භ කිරීමට කොපමණ බාධක ආවද ඒ හැම අභියෝගයක් ම කේසර සිංහ රාජයෙක් සේ නොබිය ව බිඳ දමා තැබූ පය ඉදිරියට ගනිමින් තම බලාපොරොත්තු ඉටුවන තුරු මහත් අධිෂ්ඨානයකින් හා වීර්යයෙන් ක්‍රියා කර ඇත. රත්නපුර ප්‍රදේශයේ ම පාසල්වල මිසනාරි ක්‍රමය අනුගමනය කරන විට ඒ පාසල්වල බෞද්ධ ක්‍රම පිළිවෙත් පුරුදු පුහුණු කරවීමට නාහිමිපාණන් උත්සාහ ගෙන තිබේ. අනාගත දරු පරපුර ගුණ නැණ දෙකෙන් පිරිපුන් පිරිසක් බවට පත් වෙනවා දැකීම අප නායක හිමියන්ගේ අභිප්‍රාය වූවා විය හැකි ය.
අද වන විට එම පාසලේ ද ඤාණසීහ නාහිමි පිළිරුවක් නිර්භාණය කර අනාගත දරුවන්ට තමන් අනාගත ලොව ගොඩනඟාගන්නේ මෙහි වැඩ සිටින මේ මහා තේජවන්ත පඩිරුවන නිසාය යන මතකය ඇති කරවනු ලබයි. එපමණක් නොව රත්නපුරේ සුමන විද්‍යාලය, කුරුවිට සුමන විද්‍යාලය, මුවගම් කන්ද විද්‍යාලය ආදී පාසල් මෙන්ම රටපුරාම පිරිවෙන් ආරම්භ කර අනාගත සසුන බාර ගත හැකි උගත් සඟ පරපුරක් බිහිකිරීමේ උදාර කාර්යයට අතගසා ද තිබුණි. ඒ අනුව මුද්දුව ශ්‍රී සුමන මහා පිරිවෙන, ඇහැලියගොඩ ශ්‍රී සුමන පිරිවෙන (විද්‍යායතනයකි) තෙප්පනාවේ සුමන පිරිවෙන, ඉඟිනියාගල පිරිවෙන ආදී පිරිවෙන් මතු උගත්, වියත් සඟ පරපුරක් උදෙසා ආරම්භ කොට ඇත.
අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට සිටි දැවැන්ත දේශපාලන චරිත සමඟ එකට ගැටෙමින් ඔවුනට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වූහ. තමන්වහන්සේ දේශපාලනය කළද ඒ ඔස්සේ රටේ පාලනයට තමන්ගෙන් බාධාවක් නොවන පරිදි ජීවිතය ගෙනයාම කැපී පෙනෙන විශේෂත්වයකි.
වර්තමාන සඟ පරපුරට භික්ෂු දේශපාලනය කුමක්ද යන්න කියාපාන ප්‍රබල චරිතයක් ලෙසට සඳහන් කළ හැකි ය. මේ දේශපාලන ක්‍රියාවලියෙහි අවසන් ඵලය වන්නේ 1966 කුමන්ත්‍රණකරුවකු ලෙස සිරබත් කෑමට සිදුවීමයි. මේ ගැන කනගාටු නොවූ නායක හිමිපාණන් තම පැවිදි දිවියේ වටිනා ම වසර තුනක පමණ කාලය සිර මැදිරිය වැදගත්ම කාලයක් බවට පත් කර ගත්තේ වටිනා ග්‍රන්ථ සම්පාදනය කරලීමෙනි. හේන්පිටගෙදර නායක ස්වාමීන් වහන්සේගේ අතින් මේ කාලය තුළ විශාල පොත් ප්‍රමාණයක් රචනා වී තිබුණි.
සමහර ග්‍රන්ථවලට සාහිත්‍ය සම්මාන පවා ලැබී ඇත. විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ලියන ලද පොත් ප්‍රමාණය හතළිහද ඉක්මවා ඇත. බෞද්ධ සංස්කෘතිය, දාර්ශනික, නවකතා, පාලි සාහිත්‍ය, සංස්කෘත, අභිධර්ම ආදී විවිධ විෂය යටතේ රචනා කොට ඇති මේ ග්‍රන්ථ දැනුම සොයන පිපාසිතයනට මනරම් විලක් බඳු ය.
බුද්ධිය අවධිකර පුද්ගලයා දැනුම් කෝෂ්ඨාගාරයක් බවට පත්කරලීමට හැකි ග්‍රන්ථ රචනා වී තිබේ. 1969 දී අපගේ නායක ස්වාමීන් වහන්සේ නිවැරැදිකරුවකු බවට පත්කරමින් නිදහස ලබා දී තිබුණි. කුහක දේශපාලනය තුළින් තම පැවැත්මට බාධා එල්ල විය හැකි චරිත නිහඬ කරලීමේ කූට උපාය මාර්ඟ හා එවකට සිටි අධාර්මික පාලකයන් ගත් අමනෝඥ ක්‍රියාමාර්ගයන් මෙයින් පෙනීයයි.
1981 අපවත්වී වදාළ අතිගරු හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතය සදා අමතක නොවන එකකි. අද පවා රාජ්‍ය නායකයින්ගේ ද කෙරෙන කතා බහ තුළින් මෙවන් ප්‍රතාපවත් චරිතයක් වසර 29ක් ගත වුවද අමතක නොවී පැවැතීම අගය කළ යුතු වූවකි.

මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙනේ
නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී
වේරහැර ධම්මරතන හිමි



කොළඹ, ලංකාපුවත්) – පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ නායක හිමිපාණන් උගත්, බුද්ධිමත්, එඩිතර ස්වාමීන් වහන්සේ නමක් බවත්, හිර ගෙදරදීත්, රජ ගෙදරදීත්, පන්සලේදීත් පීඩිත ජනතාව වෙනුවෙන් තමන්ගේ මෙහෙවර ඉටු කිරිමට කැප වී කටයුතු කළ බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ඊයේ (18) රත්නපුරය මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරයේ දී රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ ස්වාමීන් වහන්සේගේ 30වන ගුණ සමරුව වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය.
ශ්‍රී ලංකාවේ කුල භේදය නැති කිරීමට කටයුතු කළ ඥානසීහ හිමිපාණන්, ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය නිර්මාණය කිරීමට මූලික වී කටයුතු කළ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩී. ඒ. රාජපක‍්ෂ මැතිතුමා දේශපාලනයට ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ඥානසීහ හිමිපාණන්, 1976 ලාබාල මන්ත්‍රීවරයා ලෙස සිටි කාලයේ තමාට ලබා දුන් සහයෝගය කිසිදා අමතක නොකළ හැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුරුව ජනාධිපතිතුමා ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍යරාජයානන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කළ අතර, ඥානසීහ ස්වාමීන් වහන්සේගේ ජීවන තොරතුරු සහ උන් වහන්සේගේ සේවාවන් පිළිබඳ විස්තර ඇතුළත් ඥානසීහ කෞතුකාගාරය විවෘත කළේ ය.

පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ ස්වාමීන් වහන්සේ විසින් ලියූ ග්‍රන්ථ කිහිපයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.