Sunday, August 10, 2014

පණ්ඩිත හාමුදුරුවන් ගැන................

වර්තමාන යුගයේ ලංකාවේ වැඩ සිටි විවිධ අංශයන්හි ප්‍රවීණත්වයක් දක්වන උගතුන් අතර , පූජ්‍ය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා ස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශිෂ්ඨ ස්ථානයක් උසුලති. ත්‍රිපිටක ධර්මයෙහි විවිධ අංශයන්හි විසිරී පැතිරී ගිය දැනුම් සම්භාරයකින් හෙබි, ඒ පිළිබදව සුනිශීත ප්‍රඥාපාටවයකින් විස්තර කිරීමෙහි හා තුලනය කිරීමෙහි  ද චතුරත්වයක් ඇති ථෙරවාදී ධර්මයන් අතුරෙන් උන්වහන්සේට සමාන උගතෙකු සෙවීම දුෂ්කරය. ඉතා ගැඔුරු දහම් කොටසක් ළමයෙකුට හෝ සැදැහැතිඋපාසිකාවකට වුවද ඔවුන්ගේ බසින් තෝරා පහදා දීමේ බුහුටි බවකින් පිරිපුන් ධර්මදේශකයන් අතුරෙන් වුවද උන්වහනසේ විශිෂ්ඨ ස්ථානයක් උසුලති.එමතුද නොවේ. මහායානික දාර්ශනික කෘතීන් කිහිපයක් ම  සරල සිංහල බසින් සිත් ගන්නා සුළුය.ඉන්දීය දර්ශනයෙහි කවර ක්ෂේත්‍රයක වුවද නොපැකිළෙන වඡ්‍රමය බුද්ධි ප්‍රභවයක් උන්වහන්සේ ප්‍රදර්ශනය කරති.

දාර්ශනිකයෙක් , කවියෙක් වන්නේ කලාතුරකින්. එහෙත් පණ්ඩිත ඤාණසීහ හිමිපාණෝ ප්‍රතිභාපූර්ණ හොදම කවියෙකි. සිංහලෙන් කවි ලිවීමටත් , පාලියෙන් ගාථා සෑදීමටත් සංස්කෘත ශ්ලෝකයන් ප්‍රබන්ධ කිරීමටත් , එක සේ හුරු පුරුදු කළ පෑනක් උන් වහන්සේ සතුව ඇත. ප්‍රේමයත් , සෞන්දරයයත් එකට කැටි කොට නවකථා ලිවීමට ද මේ විශාරදයාණන් වහන්සේට හැකියාවක් ඇත. සාහිත්‍ය විවේචනයේ දී  ද උන්වහන්සේගේ නුවණ නො පැකිලෙයි.

දෝන ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909.12.18 දින ජන්මලාභ ලැබූ සමරවීර සකලසූරිය ලාබාල වියේදීම මුඪගමුවේ මාහිමියන් හට භාර කෙරුණි. සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්වැල්ලේ ශ්‍රී ඥාානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

දෝන ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909.12.18 දින ජන්මලාභ ලැබූ සමරවීර සකලසූරිය ලාබාල වියේදීම මුඩගමුවේ මාහිමියන්හට භාර කෙරුණි. සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්සැල්ල ශ්‍රී ඥාානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරා අධ්‍යාපන විෂයෙහි මහත් කුසලතා දැක්වූවෙකි.මේ කාලයේ දක්‍ෂතම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනයට අතහිත දීමට පිහිටුවා තිබූ “ඩෙම්හැම්” ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරුණු එකම ශිෂ්‍යයා වූයේ මොහුය. එහෙත් තමාට ලැබුණු එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයෙන් අවසන් වන එම ශිෂ්‍යත්වයට කැමැත්තක් නොදැක්වූ සමරවීර සකලසූරිය ශිෂ්‍යයා 1919.01.18 වන දින හේනේපිටගෙදර ඤාණසීහ නමින් පැවිදිවි බලගල්ලේ සරස්වතී පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූවේය. උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ දක්‍ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක හා මධ්‍යම පරීක්‍ෂණවලදී විශිෂ්ටතා පළ කරමින් 1939 අවසාන විභාගයේ දී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනාගැනීමට සමත්විය.අනතුරුව බලගල්ල සරස්වතී පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිටියදී තම මව්බිමේ උන්නතිය වෙනුවෙන් හා ශාසනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය බලගල්ලට පැමිණි භික්ෂූන්වහන්සේලාගේ දෙනෙත් වලට ලක්විය. සරස්වතී පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානකැටියේ මූල මහාවිහාරාධිපති එළමල්දෙණියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් ලැබූ ප්‍රතිචාර නිසා 1934 දී හේන්පිටගෙදර නාහිමියෝ රත්නපුරයට වැඩම කළහ.

එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම්තීරුව 1934.08.26 දී රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන බවට පත්විය.ශ්‍රී සුමන මහා විද්‍යාලය,ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ, බුළුගහපිටිය ශ්‍රී සුමන විද්‍යාලය,තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාරාජ පිරිවෙන, වතුපිටිය සාරිපුත්ත පිරිවෙන, මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය, භික්‍ෂු පුහුණු ආයතනය ආදි ගිහි පැවිදි අධ්‍යාපන ආයතන තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය දැනට ජාතික පාසලකි.

ජාතික ප්‍රශ්න වලදී අභිනව අදහස් ප්‍රකාශ කිරීම නිසා රටේම අවධානය උන්වහන්සේ වෙත යොමු විය.1956 දේශපාලන පෙරලියේ අදෘශ්‍යමාන හස්තයක් බලවේගයක් වූයේ උන්වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එබැවින් 1966 ගණන්වල පැවති එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ වසර 3 කට වැඩි කාලයක් සිර ගත වී සිටින්නට සිදුවිය. ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේගේ මුල්ම කෘතිය වූයේ 1946 දී එළිදැක්වූ “දෙවියෝ” නම් කෘතියයි.පිළිවෙලින් සිංහල මේඝ දූතය,අභිධර්ම පරික්‍ෂණය සද්ධර්ම ගතකම් , සිංහල රඝු වංශය මහ රහතන් වහන්සේ, සියබස්ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රතා සිද්ධී වාදය,බෞද්ධ දර්ශනය හා සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන ලදී.බන්ධනාගාරගතව සිටි කාලය තුල දී ගාමිනි ගීත නාම, ජෙටඨගාමිණී චරිතය, මහා පැරකුම්බා සිරිත, මිනිසා සහ ජීවිත පරමාර්ථය ලෝකය , සසර ඛන්දක විනය, කලාව කුමක් පිණිසද, ශූන්‍යතා දර්ශනය සත්වයා පිරිසුදු වන්නේ කෙසේ ද? හැඩගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය දර්ශනය, විද්‍යාව සහ බුද්ධාගම උපාධියෙන් පසු සත්වයා අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු බෞද්ධ සමාජවාදය සිරකූඩුවක් තුලදි ඇතුලු විශාල පොත් සංඛ්‍යාවක් ලියා රටට පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් දායාද කළහ.